අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට පත්වු පුද්ගලයින් බේරා ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි.

කුණාටුවේ දැඩි බලපෑමට ලක්වු බටහිර ෂර්කි ප්‍රාන්තයේ රෝලිං ෆෝක් නගරය සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය හමුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මිසිසිපි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කළා.

WhatsApp Group

Skip to content