අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයෙන් අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළදී ඉරාකය සහ සිරියාවේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු හමුදාවන්ට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ප්‍රතිප්‍රහාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පලස්තීනයට පක්ෂපාති ඉරානයේ ආධාර ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදාවට එලෙස පසුගියදා ප්‍රහාර එල්ල කළා.

ඉරානයේ සන්නද්ධ කණ්ඩායම්වලින් දිගින් දිගටම ප්‍රහාර එල්ලවුවහොත් එක්සත් ජනපදය මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවටයි ජෝ බයිඩන් අනතුරු අගවන්නේ.

හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ ලෙබනනයේ හිස්බුල්ල යන කණ්ඩායම් සියල්ලටම ඉරානයේ සහය ලැබෙන බවටයි අමෙරිකාව චෝදනා කර සිටියේ.

WhatsApp Group

Skip to content