අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඇරයුමකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.

චීන ජනපතිවරයා ආසියානු – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේ රාජ්‍ය නායක රැස්වීමට ද සැලසුම් කර තිබෙනවා.

ඒ අතරතුර ලබන 15 වැනිදා ඔහු සහ ඇමරිකානු ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇති.

චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content