ශ්‍රී ලංකාවේ ණයහිමියන්, නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබෙනවා .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ශක්තිමත් දේශීය හිමිකාරීත්වය පිළිබඳ සතුටු වන බවයි .

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරීසියට ගොස් සිටින අතර එහිදී මෙම හමුව සිදුවී තිබෙනවා .

WhatsApp Group

Skip to content