මෙම මැතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි.

වැඩිවශයෙන් ජනතාව රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වැසියන්ට දැනුම් දී ඇත්තේ තමන් නිකුත් කරන සංචාරක උපදේශයන් පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි.

ඉදිරීයේ පවතින මැතිවරණ කාලයේදී ජනතාව ඒකරාශීව කලබලකාරීව හැසිරෙන ස්ථානවල රැදී නොසිටින ලෙසයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ.

WhatsApp Group

Skip to content