එළවළු වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක්  දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරනවා.

පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරුණා.

එළවළු වෙළෙඳ පොළට සැපයෙන අමු මිරිස් තොග ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිනවා.

කෙසේ නමුත්, ඉදිරි දිනවලදී අමු මිරිස් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද එළවළු වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

WhatsApp Group

Skip to content