කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6 ක් පිටත් කර යැවූ බවයි ගිනි නිවීමේ ඒකකය පවසන්නේ.

අද උදෑසන 8.30 ට පමණ ගින්න හට ගෙන තිබූ අතර, ගින්නෙන් භාණ්ඩ සියල්ල විනාශ වී තිබෙනවා.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සදහන්.

WhatsApp Group

Skip to content