ජනතාව අපේක්ෂා කරන නව ක්‍රම වෙනස ඇති කිරීම සදහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළව අතීතයේ පැවැති නීති වෙනුවට වර්තමානයට ගැලපෙන නව නීති හදුන්වාදීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.

ආණ්ඩු වෙනස් වුවද වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊට අදාළව සිදුකරනු ලබන පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය ද ඊයේ ජනගත කළ බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content