සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයටද නව ලේකම්වරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව ආර්.එම් ඩබ්ලිව්. සමරදිවාකර මහතාගේ පත් කිරීමද පසුගිය 20 වන දින සිට බලත්මකයි.

WhatsApp Group

Skip to content