අමරිකාවේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන් මාරී මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අමරිකාවේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන මාරී මහත්මිය පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර අමෙරිකාවේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇකි බවට බලාපොරොත්තු වන බව ද පවසා තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content