2024 ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයකු ලෙස ඉදිර්පත්ව සිටියදී අභාවප්‍රාප්ත වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම චන්ද පත්‍රිකාවෙන් ඉවත් නොකරාන් බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති අතර ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් එහි ඇතුලත් කර ඇති බව සඳහන්.

එබැවින් ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන අතර ඔහු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කලහොත් හැකියාව පවතින බවයි කොමිසම පවසන්නේ.

WhatsApp Group

Skip to content