අබුඩාබී ටී 10න් තරඟාවලියේ තවත් තරඟ 3ක් ඊයේ පැවැත් වුණා.

එහිදී පැවති පළමු තරඟයේදී චරිත් අසලංක නායකත්වය දරණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 05ක ජයක් වාර්තා කිරීමටයි නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණේ.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 75ක් රැස් කළා.

එහිදී නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 03ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 76ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදී ආරම්ඹක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදුන් නිරෝෂන් දික්වැල්ලද ලකුණු නොලඹා දැවී ගියා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට සම්ප් ආර්මි කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුාර 09යි පන්දු 02ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 116ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

ඊයේ පැවති තෙවැනි තරඟයෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන නදන් වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නදන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 79ක්.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි බුල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 66ක් පමණයි.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 08 එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

 

 

 

 

 

 

 

 

WhatsApp Group

Skip to content