අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ පැවැත්වුණා.

එහිදී පැවති පළමුතරඟයෙන් දසුන් ශානකගේ හා කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා හමුවේ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 27ක ජයක් වාර්තා කිරීමටයි බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණේ.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126ක්.

එහිදී දසුන් ශානක ලකුණු 34ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චරිත් අසලංක නායකත්වය දරණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුළු 06ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි.

එහිදී චරිත් අසලංක පන්දු 26දී ලකුණු 55ක් රැස් කළා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ටීම් අබුඩාබි කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි බුල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් අබුඩාබි කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 100ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර ඊයේ පැවති තෙවැනි තරඟයේදී නිව්යොක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට සම්ප් ආර්මි කණ්ඩායම සමත් වුණා.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නිව්යොක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ සංඛ්‍යාව 70ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුවාර 07ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 73ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

 

 

 

WhatsApp Group

Skip to content