2023 අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දිනයේදී තරග දෙකක් පැවැත් වුණා .
ඒ අතරින් පළමු තරගය පැවැත්වුනේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි .

එම තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා .
කාසියේ වාසිය දිනූ නිව්යෝර්ක් කණ්ඩායම පලමුවෙන් පන්දු රැකීමටයි තීරණය කලේ .

ඒ අනුව පිටියට පිවිසි ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 118 ක් ලබා ගත්තා .
එහිදී ටොම් කෝලර් කැඩ්මෝර් රැස් කල ලකුනු සංඛ්‍යාව 68 ක් .

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුනු 25 කට කඩුලු 3 දවා ගැනීමට සමත් වුනා .

කෙසේ වෙතත් ලකුනු 119 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නිව්යෝර්ක් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුනු 96 ක් පමණයි.

මෙහිදී කුසල් පෙරේරා ලකුනු 11 කට දැවී ගිය අතර මුහම්මද් වසීම් ලකුනු 26 ක් රැස් කලා .

මේ අතර මෙම තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 09 යක තියුණු ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නොදර්න් වොරියස් කන්ඩායම සමත් වුණා .

ඒ සෑම්ප් ආර්මි කණ්ඩායම පරාජයට පත් කරමින් .

මෙහිදී කාසියේ වාසිය දිනු සැම්ප් ආර්මි කණ්ඩායම පලමුවෙන් පන්දු රැකීමට තීරනය කලා .

ඒ අනුව පිටියට පිවිසුනු නොදර්න් වොරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු සංඛ්‍යාව 103 ක් .

අනතුරුව ලකුණු 104 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සෑම්ප් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 94 ක් පමණයි .

පන්දු යැවීමේදී නොදර්න් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19 කට කඩුළු 3 ක් දවා ගැනීමට ද සමත් වුණා .

WhatsApp Group

Skip to content