ඉන්දීය ශ්‍රේෂ්ඨ නායකයන්ගේ නායකත්ව ගුණාංග අධ්‍යනය කරමින් මෙරට දරුවන්ගේ නාකත්ව හැකියාවන් වර්ධනය කලයුතුබව ත්‍රිපිටකාචාර්‍ය රමේෂ් මධුෂංක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අශෝක රජතුමා, මහත්මා ගාන්ධි සහ අම්බෙක්කාර් වැනි චරිත තුළින් මෙරට දරුවන්ට නාකත්ව ගුණාංග පිළිබඳ යහපත් අවබෝධයක් ලබාගත හැකි බවයි.
ඔහු මෙම අදහස් පලකලේ ” සවුත් – සවුත් චින්තන පර්ෂධය” බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී සංවිධනය කර තිබූ ” සාර දහම් ” වැඩසටහනට එක්වෙමින්.

බෙල්ලන්විල රජමහා විහරයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ දහම්පාසලේ ගුරු බවතුන් ඉලක්කකරගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධනය කරතිබුනා.

මෙම සම්මන්ත්‍රණයේදී නායකත්වය හා ආකල්ප වර්ධනය, දහම් පාසලේ අභ්‍යන්තර සංවර්ධනය සදහා උපාය මාර්ග, ජාතික සංවර්ධනය උදෙසා දහම් පාසල උපයෝගී කරගැනීම යන තේමා මූලික කරගනිමින් සැසි කිහිපයක් පැවැත්වුනා.

නවීන තාක්ෂණය භාවිතා කරමින්, දහම් පාසලේ අභ්‍යන්තර ගැටලු මඟහරවා ගෙන දහම් පාසල සංවර්ධනයේ මාවත කරා රැගෙන යන ආකාරය පිළිබඳව සහ පවතින්නාවූ සීමිත සම්පත් භාවිතා කරමින් අභ්‍යන්තර පද්ධති සංවර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව පැහැදිලි කර දෙමින් ශාස්ත්‍රපති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංජය රණතුංග මහතා විසින් ප්‍රායෝගික සැසිය මෙහෙයවූවා.

දහම් පාසල හරහා ජාතික සංවර්ධනය උදෙසා මග පාදා ගන්නා ආකාරය පිළිබඳව සහ පෙරදිග රටවල සංවර්ධනයේ නැගී සිටීම ඉන්දියාව වැනි රටවල සංවර්ධිත කරුණු ගෙන හැර දක්වමින් සහ ඊට සරිලන උදාහරණ සපයමින් ජාතික සංවර්ධනය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව පැමිණ සිටි දහම් පාසල් ගුරුවරුන් උදෙසා මනා අවබෝධයක් කැලණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යනය පිළිබඳ කථිකාචාර්ය කුශාන් ගයාත්‍ර පෙරේරා මහතා ලබා දෙන ලදී.

WhatsApp Group

Skip to content