මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

පසුගිය 29 වන දා අක්‍රීය වී ඇති මෙම යන්ත්‍රය මේ දක්වා යථා තත්ත්වයට පත්කර නොමැති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.

මේ හේතුවෙන් දිනකට කුඩා දරුවන් 10 ත් 15 අතර පිරිසකට ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content