2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂයින් 29 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙම ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු බදාදා දහවල් 12ට අවසන් වීමට නියමිතයි.

මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට අවසර ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා .

යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් සදහා මෙම අවස්තාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ප්‍රකාශ කලේ.

එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුවයි මෙලෙස අවසරය ලබාදි ඇත්තේ.

ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content