මෙවර මැතිවරණයට ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවක් යැයි පැවසෙන අවස්ථාවක් අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් එයට සහභාගි වූ ආරාධිතයන් සඳහා සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා විසින් තහනම් ක‍ර තිබෙනවා.

එහිදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් ලැබී තිබුණා.

ඒ අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පොලිස් නිලධාරීන් සමග පැමිණ, ආරාධිතයන් සඳහා ලබා දීමට තිබූ පිසූ ආහාර සඳහා මුද්‍රා තබන ලද අතර, ආරාධිතයන් සඳහා ලබා දීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම හමුවට ආරාධිතයෝ 150ක් පමණ පැමිණ ඇති අතර, මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද, එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

WhatsApp Group

Skip to content