ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා.

එහිදි එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.

කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරුණු කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට ද සමගි ජනබලවේගය තීරණය කර තිබෙන බවයි විපක්ෂ නායක සජිත් පේ්්‍රමදාස මහතා ඊයේ පැවසුවේ.

මේ අතර ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතායි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/SAGARA-KARIYAWASAM-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content