ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද වන විට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලු දෙනා පිළිගත්තද එය නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර කාර්තු 6 ක් පුරා හැකිලුණු ආර්ථිකය 2023 වර්ෂයේ 3 වන කාර්තුව වන විට යළිත් පිබිදීම ආරම්භ කළ බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

එමෙන්ම වැඩිදුරටත් රටේ ආර්ථික පිළිබදව කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි බිල යළිත් පහත දැමීමට කටයුතු කළා මෙන්ම ඉදිරියේදී පාසල් උපකරණ මෙන්ම ඖෂධ වර්ග ද වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

කුමන අසීරු අවස්ථා පැමිණියද සියල්ලන්ටම මුහුණ දී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවටයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

බිඳුණු ආර්ථිකය ගොඩනැගීමට පටන් ගැනීම නවත්වා යළිත් අපායගාමි තත්ත්වයකට යනවාද නැතිනම් පාරාදීසයකට ගමන් කරනවාද යන්න සිතා කටයුතු කරන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content