අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබෙනවා.
තමන් විසින් දිගින්දිගට සිදු කල ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජය මෙතෙක් ලබානොදීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම සංගමය පවසන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ජීවන වියදම සලකා බලා කෙටි කාලීනව සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසත්, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය කොමිෂන් සභාව විසින් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් එම ආයතනවල නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතයි.

මාර්තු 31 වන දා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එසේ නොවුණොත් නිසැක වශයෙන්ම වැඩවර්ජනයකට අවතීර්ණ වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට සඳහන් කලා.

 

WhatsApp Group

Skip to content