අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ට එරෙව පැවති ඓතිහාසික නඩු විභාගයේදී ඔහු වරදකරු බවට නිව්යොක් ජූරි සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කරමින් ඔහුට එල්ල වූ චෝදනා 34ම ට්‍රම්ප් වරදකරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම තීරණයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ට එරෙහිව දඬුවම් නියම කිරීම ජූලි 11වැනිදා සිදු කිරීමට තීරණය වී තිබෙනවා.
අමෙරිකාවේ හිටපු හෝ ජනාධිපති ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු වරදකරු වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content