ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනාම දැවි ලකුණු 273ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තිරණය කිරීමත් සමගින් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට  හිමි වූවා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 8.1කදී ලකුණු 19කට කඩුලු දෙකක් දැවී යාමෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටියා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් Daryl Mitchell ලකුණු 130ක් ලබාගැනීමට සමත් වූවේ පන්දු 127කදී හතරේ පහර 9ක් සහ  හයේ පහර 5ක් සමගින්.

Rachin Ravindra ලකුණු 75කට දැවී ගිය අතර Glenn Phillipsට ලබාගත හැකි වූයේ ලකුණු 23ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වන Devon Conway ලකුණු නොලබා දැවී ගිය අතර Will Youngට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 17ක් පමණයි.

නායක Tom Latham ලකුණු 5කට දැවී ගිය අතර Mark Chapmanට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණි.

Mitchell Santner එක ලකුණකට දැවී ගිය අතර Matt Henryට ලකුණු ලබාගැනීමට නොහැකි වුණා.

Lockie Ferguson 10 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු 1ක් ලබා සිටියේදී ඉනිමේ අවසන් පන්දුවේදීයි.

පන්දු යැවිමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙහම්මෙඩ් ශමී කඩුලු 5ක්ද කුල්දිප් යාදෙව් කඩුලු 2ක්ද දවා ගැනීමට සමත් වූවා.

එසේම ජස්ප්‍රිට් බුම්රා සහ මොහම්මෙඩ් සිරාජ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

තරගය ජයග්‍රහණය ඳසහා ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 274ක් ලබාගත යුතු වනවා.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ධරම්ශාලා ක්‍රීඩාංගණයේදීයි.

WhatsApp Group

Skip to content