ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ක්‍රමෝපායන් පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2024 මාර්තු මස 21 වන දින පස්වරු 02.00 සිට 03.00 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

කුළු බඩු ඇසුරුම්කරණයේ වැදගත්කම, ඇසුරුම් ශිල්පීය ක්‍රම, ඇසුරුම් ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ, නව්‍ය ඇසුරුම් ප්‍රවණතා පිළිබඳ අවබෝධය ලබාදීමට මෙම අන්තර්ජාල සැසිය (Webinar) මගින් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හෙල්මලී විතාරණ මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික සුගතදාස මහතා විසිනි.

පූර්ව ලියාපදිංචිය මත සැසිය සඳහා සම්බන්ධ කරගැනීම සිදු වන අතර වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ(www.srilankabusiness.com) පහත සඳහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න Webinar Registration – Zoom

WhatsApp Group

Skip to content