ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී තිබේ. මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව ශ්‍රී ලංකාවේ රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතියයි.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ කර ඇත.
වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර ඊයේ එම වගාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කළේය.
ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැල මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවීජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයා තිබේ.
නුවරඑළිය ස්ට්‍රෝබෙරි වගාව සදහා වර්ග අඩි 1000 ටනල් හවුස් 40ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියයට 25 සහන පදනමක් යටතේ සපයා තිබේ. ඒ අනුව ටනල් හවුස් සකස් කර ගැනීම සඳහා වැය වන මුදලින් සියයට 25ක් අදාළ ගොවීන් විසින් දැරිය යුතු අතර ඉතිරි සියයට 75ක මුදල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දී තිබේ.

WhatsApp Group

Skip to content