ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ (06) පවත්වා තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.

එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සහභාගී වී ඇති අතර එහිදී ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවට ලක් වී ඇත.

WhatsApp Group

Skip to content