ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව ජාතික ජන බලවේගය ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා කැමති නම් විවාදයට පැමිණීමට ජාතික ජන බලවේගය සුදානම් බවයි.

ඉදිරි ආණ්ඩුවකදී තම පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ මෙම විවාදය සිදු කිරීමට හැකි බවයි ඔහු පවසන්නේ.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් විසින් සිදු කරන ලද අභියෝගය පිළිගන්නා බවත් ඒ බව ලිඛිතව දන්වා එවන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content