ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (ජූනි 13) අලුයම ලන්ඩනය බලා පිටත් විය.

ඒ අනුව, ජූනි 15දා ප්‍රධාන ජන හමුවක් මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ලන්ඩන් ක්‍රිස්ටර් ග්‍රෑන්ඩ්හිදී පැවැත්වෙනු ඇත.

ඊට අමතරව ව්‍යාපාරික හමු කිහිපයක් සහ එරට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයක් පැවැත්වීමට නියමිත ය.

එහිදී රටේ ආර්ථික හා දේශපාලනය මෙන් ම ජාතික මැතිවරණ සම්බන්ධ පුළුල් සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

WhatsApp Group

Skip to content