ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද පැවැත්වුණා.

මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා සහ දෙවැනි ලේකම් ඉමායි කඔරි මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියා.

මෙහිදි ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබද සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබදවද මෙහිදී පැහැදිලි කළ බව සදහන්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ජපානයේ ඇති සූදානම පිළිබදවද අවධාරණය කළ බව ජාතික ජන බලවේගය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content