ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුව තිබෙනවා.

මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content