නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ මහතා පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මී ළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content