ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20ද) සවස කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහා බව සඳහන්.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් ජනහමු කිහිපයක් සංවිධානය කර ඇත.

එහිදී ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න 23 වැනිදා සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී සහ දෙවැන්න 24 වැනිදා ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේ දී පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content