ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින්.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි.

ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති.

ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන්
ජනාධිපති මන්දිරය
ජනාධිපති ලේකම් කාර්යාලය
ජනාධිපති මාවත
මුදල් අමාත්‍යාංශය
පොලිස් මූලස්ථානය
මහ බැංකුව
කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත
CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය
යෝර්ක් වීදිය
බැංකු මාවත
චැතැම් මාවත
මුදලිගේ මාවත
බාරොන් ජයතිලක මාවත
පොලිස් මූලස්ථානය ඉදිරිපිට
බාලදක්ෂ මාවත
චෛත්‍ය පාර

WhatsApp Group

Skip to content