අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා .

එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ අනුව අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා .

 

WhatsApp Group

Skip to content