අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ, අද පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා මෙම දුම්රිය ධාවනය වු බවයි.

එම දුම්රිය නැවත හෙට පෙරවරු 9.30ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බව ඉදිපොලගේ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content