අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ටීනියා නැමති චර්ම රෝගයක් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා.

එම රෝගය පිළිබඳ නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් දීර්ඝ කාලීනව බලපෑම් එල්ල විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

රජරට සියලු ප්‍රදේශවල මෙම චර්ම රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ විශාල ඉහල යාමක් වාර්තා වනවා.

මින් පෙර දිනකට 1ක් රෝගියෙකු පමණ වාර්තා වුවද මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනිකව රෝගීන් 25 දෙනෙකු පමණ රෝහල්ගතවන බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.

ටීනියා නැමති මෙම දිලීර රෝගය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇත්තේ නුසුදුසු අලේපන වර්ග භාවිත කිරීම හේතුවෙන් බව ද අනාවරණ වී තිබෙනවා.

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය.

WhatsApp Group

Skip to content