අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවට ලක්ව සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත්ව තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ උඳු කිලෝග්‍රෑමයක් රුපියල් 400 බැගින් ගොවියන්ගෙන් බීජ සදහා මිලදී ගන්නා ලෙසයි.

එමෙන්ම සෝයා බෝංචි කිලෝග්‍රෑම් ලක්ෂ 5 ක අස්වැන්නක් අලෙවි කර ගැනීමට නොහැකිව සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෝයා බෝංචි ගොවීන්ගෙන් මුලු අස්වැන්නම මිලදී ගැනීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

සෝයා බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 250 ක මුදලකට මිලදී ගැනීමටයි ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content