මැලේසියාවේ බරපතල අපරාධ සදහා අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම එරට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ඒ අනුව දැනට මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 1,300ක් සදහා මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

2018 වසරේ සිට මැලේසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තරහනම් කර තිබුණද මීනීමැරුම් සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල අපරාධ 11ක් සදහා මෙලස අනිවාර්ය ලෙස මරණ දඬුවම පනවා තිබුණා.

කෙසේ වෙතත් සුවිශේෂී අවස්ථා වලදී මරණ දඬුවම පැනවීමේ අභිමතය විනිදුරුවන් සතු වන බවද එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.

ඒ අනුව බරපතල අපරාධ සදහා අධිකරණය විසින් වසර 40ක් දක්වා සිරදඬුවම් හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම මෙන්ම වේවැල් පහර ලබා දීම වැනි ක්‍රියාමාර්ග ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

WhatsApp Group

Skip to content