තමන්ට අපහසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට ලබන සතියේ එන්තරවාසියක් යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

කොළඹ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊට විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රතිචාර නොදක්වන්නේ නම් අධිකරණය වෙත යාමට සිදුවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විවේචනය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content