අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහිදී දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content