නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන් ක්‍රියාකාරිත්වය අනාරක්ෂිත මෝටර් රථවල වායු බැලූන නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

අවධානම් මෝටර් රථ කාණ්ඩ සහ මාදිලි 47ක් හඳුනාගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ.

එම අවදානම් කාණ්ඩවලට අදාළ වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.

අනාරක්ෂික වායු බැලූන සහිත මෝටර් රථ ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවක් මෙරට ධාවනය වන බවට හඳුනාගෙන ඇති බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ප්‍රධානතම වාහන සමාගමක් අද දිනයේ ඔවුන්ගේ වාහන කාණ්ඩ කිහිපයක් නම් කරමින් නොමිලේ වායු බැලූන සකස් කර දෙන බවට දැන්වීමක්ද පළ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content