ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 30 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

එම කම්හලේ දිවා ආහාර විවේකයේදී මෙම පිපිරීම සිදු ව ඇති බවයි බවයි විදෙස මාධ්‍ය වාර්තා කරන්නේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, කම්හලෙන් පිටවන අධික දුමාරය හේතුවෙන් කඩිනම් මෙහෙයුම් සිදු කිරීමට දුෂ්කර වී ඇති බව සඳහන්.
පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

WhatsApp Group

Skip to content