අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබුවා.

කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය කොළඹ පුරහල දෙසට ගමන් කිරීමත් සමගම පොලිසිය ඔවුන් නවතා ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමටයි කටයුතු කළේ.

මේ හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.

 

WhatsApp Group

Skip to content