ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ආරම්භවනවා.

ඒ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩා සංකීර්ණයේදීයි.

ඒ අනුව පළමු අවසන් පුර්ව තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතරයි.

එමෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර දෙවන අවසන් පුර්ව තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content