ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද දිනයේ සිට ආරම්භ වනවා.

මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයන් පමණක් සහභාගී වනු ඇති.

පාසල් වලින් තෝරාගන්නා ලද අදාළ ක්‍රීඩකයන් දඹුල්ල, මහනුවර, ගාල්ල, කොළඹ උතුර සහ දකුණ යන කණ්ඩායම්වලට බෙදා තරගාවලිය පවත්වනු ලබනවා.

මූලික වටයේ තරගවලින් අනතුරුව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවන ස්ථානවල පසුවන කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොවැම්බර් 29 වැනිදා කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content