ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට නැවත වරක් ආරම්භ වනවා.

ඒ අනුව අද දිනයේදී ් කාණ්ඩායෙන් තරග 4ක් සහ ඊ කාණ්ඩයෙන් තරග 5ක් ලෙසින් තරග 9ක් ආරම්භ විමට නියමිතයි.

මෙම තරගාවලිය, පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය ඔක්තෝබර් මස 2 වැනිදා සිට නතර කිරීමට පියවර ගෙන තිබුණා.

එමෙන්ම මෙම තරගාවලිය මීට පෙර ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ද මාසයකට අධික කාලයක් නතර කරිමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content