අන්තර්ජාල මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අදාළ සංචාරක නිකේතනයේ මාස කිහිපයක සිට රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී ඔවුන් සන්තකයේ තිබී පරිගණක, ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හා මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා .

තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විවිධ රටවල වෙසෙන පුද්ගලයන්ගේ ගිණුම්වලින් මෙම පිරිස වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content