අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදීයි මේ පිළිබද අවධානය යොමුව ඇත්තේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර සහ ඊට සම්බන්ධ සාමාගම් බදු ගෙවීම් පිළිබද නියාමනය සඳහා විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව එම කාරක සභාවේ දී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබද කඩිනමින් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගතයුතු බවයි කාරක සභාවේදී සාකච්ඡා වී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content