අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙය වූ මීගමුවේ මධ්‍යස්ථාන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම විදේශිකයන් අතර චීන, පිලිපීන, මාලදිවයින්, පාකිස්තාන, ඉන්දියා, නේපාල ඇතුළු රටවල් කිහිපයකම පුරවැසියන් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළා.

මොවුන් මෙම වංචාව සිදු කර ඇත්තේ මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බව එම නිලධාරියා පවසනවා.

WhatsApp Group

Skip to content