අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ ”Pravesh” වෙබ් අඩවිය ඊයේ එළිදක්වා තිබෙනවා.

අද දින සිට www.pravesh.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට මෙම දුම්රිය ප්‍රවේශ පත්‍රයන් මිලදී ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.

දැනට දුම්රිය ධාවනයවන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 02 වන හා 03 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර, මුදල් ගෙවූ පසු කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතෙ QR කේතය එවනු ලබයි.

WhatsApp Group

Skip to content